29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාවට අපි උපරිම සහය දුන්නා - ඉන්දීය විදේශ ඇමති

ශ්‍රී ලංකාවට අපි උපරිම සහය දුන්නා – ඉන්දීය විදේශ ඇමති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ දී ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබාදෙන බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජයශංකර් මහතා පවසනවා.

තායිලන්තයේ චුලාලොන්කෝන් විශ්ව විද්‍යාලයේ පැවති දේශනයකදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩඒම සඳහා ඉන්දියාව සිය උපරිම සහාය මේ වනවිට ලබාදී ඇති බවයි.

මේ අතර, මෙම වසරේ පමණක් ශ්‍රි ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 3.8 ආධාර ලබාදීමට කටයුතු කර ඇති බව ද ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.