28.9 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝඨාභයට වැරදුණේ උද්ධච්චකම නිසා - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

ගෝඨාභයට වැරදුණේ උද්ධච්චකම නිසා – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

ගෝඨාභය රාජපක්ෂ මේ තත්ත්වයට පත් වුණේ ඔහුගේ උද්ධච්ච කමත්, නම්‍යශීලී නොවීම සහ වැරදි අයගෙන් උපදෙස් ලබා ගැනීම නිසා බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

මත්තෙගොඩ බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මේ බව කියා සිටියහ.

ගෝඨාභය හැට නව ලක්ෂයක ඡන්ද අරගත්තේ මේ රටට සෞභාග්‍යය උදා කරනවා කියලා. නමුත් පත්වෙලා මාස තුනක් යනකොට අපිට තේරුණා සෞභාග්‍යය නෙමෙයි සවු භාගයක්වත් මේ රටට ඔහුගෙන් ලැබෙන්නේ නැහැ කියලා. ඒක මම එදත් කිව්වා අදත් කියනව.

ද වන විට ඔහු රටින් රටට යනව. ඔහු එහෙම යන්න අවශ්‍ය නැහැ. ඔහු වරදක් කරල නැහැ. නීතියෙන් වැරදිකරුවෙක් වෙලා නැහැ. එහෙම නං ඇයි එතුමා ඒ තත්වෙට පත් වෙලා තියෙන්නෙ. ඔහු මේ රටේ පුරවැසියෙක් ඔහුට ඕන වෙලාවක මේ රටට එන්න පුළුවන්. මේ රටට ඇවිල්ලා නිදහසේ ජීවත් වෙන්න පුළුවන්.