― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsIMF නිලධාරීන් කිහිපදෙනෙක් ලබන සතියේ මෙරටට

IMF නිලධාරීන් කිහිපදෙනෙක් ලබන සතියේ මෙරටට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් එළඹෙන අගෝස්තු 24 වනදා සිට 31 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය නිරතවීමට සූදානම් බව වාර්තා වනවා.

ශ්‍රී ලංකාවේ සිදුකරන මෙම සංචාරයේ දී ණය හිමියන්ගේ ප්‍රමාණවත් සහතිකයක් අපේක්ෂා කරන බවයි එම අරමුදල පවසන්නේ.

දරුණු අර්ථික අර්බුදයට මුහුණදීම සඳහා ආධාර පැකේජයක් හඳුන්වාදීම සඳහා වන කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා ඉදිරියේ දී මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බවයි ඔවුන් වැඩි දුරටත් සඳහන් කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකම් මෙරටට ලබාදීම සඳහා ණය ප්‍රතිව්‍යහුවගත කිරීම සම්බන්ධයෙන් ණය හිමියන්ගෙන් ලබා ගන්නා සහතිකයක් අවශ්‍ය වන බව ප්‍රකාශ කර තිබෙනවා.