29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅම්බලන්ගොඩ වෙඩි තැබීමේ රහස් රැසක් එළියට

අම්බලන්ගොඩ වෙඩි තැබීමේ රහස් රැසක් එළියට

අම්බලන්ගොඩ – දෙල්දූව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන සඳහා පොලිස් කණ්ඩායම් තුනක් පත් කර ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (21) හෝටලයක් තුළ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

දකුණේ ප්‍රබල පාතාල කල්ලි දෙකක් අතර කළක සිට පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි විමර්ශන සිදුකරන පොලිසිය සඳහන් කළේ.

වෙඩි තැබීම සිදුවන අවස්ථවේ අදාල පුද්ගලයින් සිව්දෙනා හෝටලයේ ඉහළ මාලයේ රැදී සිට ඇති බවයි කරුණු වාර්තා වුණේ.

වෙඩි තැබීම සිදුකළ කණ්ඩායමේ පුද්ගලයෙකු මීට මාස කිහිපයකට පෙර වෙඩි වැදී මියගිය කණ්ඩායමේ පිරිසක් විසින් ඝාතනය කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඊට පළිගැනීමක් ලෙස මෙය සිදුකර ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ.