― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalආර්ථික අර්බුදයට වගකිව යුත්තේ ගෝඨාභය නෙවෙයි - මහින්ද රාජපක්ෂ

ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ ගෝඨාභය නෙවෙයි – මහින්ද රාජපක්ෂ

තමා දේශපාලනයෙන් විශ්‍රාම යන්නේ සුදුසු වේලාව පැමිණි පසු බවත් රටේ සියලු ව්‍යසනයන්ට වගකිවයුත්තේ ගෝඨාභය රාජපක්ෂ නොවන බවත් මහින්ද රාජපක්ෂ පවසයි.

හෙතෙම මෙම අදහස් පළ කර ඇත්තේ පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.

තමා දිගටම දේශපාලනයේ රැඳී සිටින බවද නායකත්වය දීමට තමා අවශ්‍යද යන්න තීරණය කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බාර බව මහින්ද රාජපක්ෂ සඳහන් කර තිබේ.

අවශ්‍ය නම් තමා ඉවත් වීමට වුවත් සූදානම් බවත් නීතිඥවරයෙකු හෙයින් තමාට උසාවි කටයුතුවලද නියැලිය හැකි බවත් එම සාකච්ඡාවේදී හෙතෙම පෙන්වා දුන්නේය.

යන්නද කියලා එයා මගෙන් ඇහුවා නම් මම කියනවා යන්න එපා කියලා. ගෝඨාභය දේශපාලනඥයෙක් නෙවෙයි. රටේ සියලු ව්‍යසනයන්ට වගකිවයුත්තේ ගෝඨාභය රාජපක්ෂ නොවෙයි. මා ඇතුළු පසුගිය රජයන් මේ සියල්ලටම පිළිතුරු දිය යුතුයි. අවාසනාවකට ඔහු ක්‍රියා කළේ තමා විශ්වාස කළ විශේෂඥයන්ගේ උපදෙස් මතයි. ඒ නිසා ඔහුට දොස් පවරන්න බැහැ. ඔහු ආරක්‍ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරද්දී මනා පරිපාලන දක්‍ෂතාවක්‌ පෙන්නුම් කළා. ජනාධිපතිවරයා වශයෙන් ඔහුට දැඩි පීඩනයක් එල්ල වුණා. ඔහු පෙර දැඩි මතධාරියෙක්. පසුව ඔහු මෘදු භාවයට පත් වුණා. ඔහු කළ දේ නොකළ යුතුව තිබුණා. ගෝඨාභය කියන්නේ දේශපාලනඥයකු නොවෙයි. ඔහු ඉදිරියේ ඇති කාර්යය නිවැරදිව අවසන් කළ යුතුව තිබුණා. ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීමට සිටින හොඳම නායකයා රනිල් වික්‍රමසිංහයි. ඔහුට අපි සැවොම සහය ලබා දෙනවා.