31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉන්දියාව පුරා සීඝ්‍රයෙන් පැතිර යන නව වෛරසයක්

ඉන්දියාව පුරා සීඝ්‍රයෙන් පැතිර යන නව වෛරසයක්

‘ටොමැටෝ ‍ෆීවර්’ නමින් ඉන්දියාවේ මේ දිනවල නව වෛරස උණ රෝගයක් පැතිරෙමින් යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට කේරල, ඔඩීෂා සහ තමිල්නාඩු ප්‍රාන්තවලින් මෙම වෛරසය හඳුනාගෙන ඇති අතර අත්, පා, මුඛ වෛරසයක් ලෙස ඉන්දීය වෛද්‍ය පරීක්ෂකයන් මෙය හඳුනාගෙන තිබේ.

මේ වනවිට එම වෛරසය ආසාදනය වූ දරුවන් 200කට අධික සංඛ්‍යාවක් එම ප්‍රාන්තවලින් හඳුනාගෙන ඇත.

මෙම වෛරසය ආසාදිත වූවන්ගේ සිරුරේ රතු පැහැති වේදනාකාරී බිබිලි මතුවී ක්‍රමයෙන් ඒවා කුඩා තක්කාලි ගෙඩියක ප්‍රමාණයකට විශාල වීම හේතුවෙන් ඉන්දියානුවන් මෙම උණ රෝගය ‘තක්කාලි උණ’ ලෙස හඳුන්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නව වෛරසයේ ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස අධික උණ, උගුරේ අසාදන, ඇඟපත කැක්කුම, සන්ධි ඉදිමීම සහ තෙහෙට්ටුව පෙන්නුම් කෙරෙන අතර කුඩා දරුවන් අතර වමනය සහ පාචනය වැනි රෝගී තත්ත්වයන්ද දැකගත හැකිය.