― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsගෝඨාගෝගමින් සිදුවූ හානිය ලක්ෂ 49ක්

ගෝඨාගෝගමින් සිදුවූ හානිය ලක්ෂ 49ක්

ගාලු මුවදොර ආශ්‍රිතව ස්ථාපිත කර තිබු අරගල භූමිය හේතුවෙන් එම ස්ථානයට රුපියල් ලක්ෂ 49 ක පමණ හානියක් සිදුව ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා.

නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ එම භූමිය නැවත සැකසීම සහ මූලික කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 1 ½ ක්ද එහි තණ පිඩලි ඇල්ලීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 47 ½ ක්ද වැය වන බවට නාගරික සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී ඇති බවයි.

වැඩිදුර තොරතුරු ඇතුළත් එම නිවේදනය පහතින් දැකිය හැකියි.