27.2 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාන් රාත්තලක් රුපියල් 50කින් අඩු කරන්න පුළුවන්

පාන් රාත්තලක් රුපියල් 50කින් අඩු කරන්න පුළුවන්

රජය මැදිහත් වී තම ගැටළු සඳහා සහනයක් ලබා නොදුනහොත් බිස්කට් කර්මාන්තයට මේ වනවිට සිදුව ඇති තත්ත්වය තම කර්මාන්තයටද උදාවිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ රජය සහ බලධාරීන්ගේ සහාය ලැබේ නම් රුපියල් 190ක් වැනි අධික මිලකට මේ වනවිට අලෙවිවන ග්‍රෑම් 400ක පාන් රාත්තල රුපියල් 50 කින් පමණ අඩුකළ හැකි බවයි.

එමෙන්ම අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද සැලකිය යුතු මුදලකින් අඩුකර ජනතාවට සහනයක් ලබාදීමට බේකරි හිමියන්ට හැකියාව ඇති බව ද ඔහු සඳහන් කළා.

ඩොලර් ප්‍රශ්නය හේතුවෙන් වෙළඳපොළ තුළ නිෂ්පාදන අමුද්‍රව්‍ය මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව පැවසූ සභාපතිවරයා පාන්පිටි මාෆියාවක් ද රට තුළ ක්‍රියාත්මක බව සඳහන් කළා.

බිත්තර සඳහා පාලන මිලක් පැනවූව ද තමන්ට තවමත් පාලන මිලට බිත්තර ලබාගත නොහැකි බවද ඔහු ප්‍රකාශ කළා.