― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsභූමිතෙල්වලට ඉදිරියේදී සහනාධාරයක්

භූමිතෙල්වලට ඉදිරියේදී සහනාධාරයක්

භූමිතෙල් මිල සංශෝධනය කිරීම වසර ගණනාවක සිට සිදුවිය යුතුව තිබූ දෙයක් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

සහනදායි මිලට භූමිතෙල් අලෙවි කිරීම ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව සඳහා එක් ප්‍රධාන හේතුවක් වූ බවයි ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මෙම මිල වැඩි කිරීමත් සමඟ භූමිතෙල් මිල මේ වනවිට පිරිවැයට සමපාත වී ඇති බව ද අමාත්‍යවරයා පවසනවා.

භූමිතෙල් මත යැපෙන අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වැවිලි ක්ෂේත්‍ර සඳහා සෘජු මුදල් සහනාධාරයක් රජය විසින් මේ වනවිට යෝජනා කර ඇති බවයි බලශක්ති අමාත්‍යවරයා පවසන්නේ.

භූමිතෙල් ලීටරයක මිල ඊයේ (21) රාත්‍රියේ සිට රුපියල් 253කින් ඉහළ දැමීමට රජය කටයුතු කළා.

ඒ, අනුව මේ වනවිට භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 340ක් ලෙසටයි.