28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුදලිගේ ඇතුළු පිරිසට රැඳවුම් නියෝග සඳහා අත්සන් කරන්න එපා

මුදලිගේ ඇතුළු පිරිසට රැඳවුම් නියෝග සඳහා අත්සන් කරන්න එපා

අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන් ජීවන්ත සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසයි.

එම සංවිධානයේ මානව හිමිකම් ආරක්ෂකයින් පිළිබඳ විශේෂ නියෝජිත මේරි ලොලර් සිය ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.

ඇය පෙන්වාදෙන්නේ මානව හිමිකම් ක්‍රියාකාරීන් වන අදාළ පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කරන බවය.

ඔවුන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග සඳහා අත්සන් නොකරන ලෙස තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින අතර එසේ කිරීම ශ්‍රී ලංකාවේ අඳුරු දිනයක් වනු ඇති බව ඇය සිය ට්ව්ටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.