31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalරනිල්ගේ ඉල්ලීම සජිත් ප්‍රතික්ෂේප කරයි

රනිල්ගේ ඉල්ලීම සජිත් ප්‍රතික්ෂේප කරයි

ආණ්ඩුවට එක්වී රට ගොඩනැගීමට දායක වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා තිබේ.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති විපක්ෂ නායකවරයා පවසා ඇත්තේ විපක්ෂයේ සිටිමින් ආණ්ඩුවට සහයෝගය ලබාදිය හැකි බවයි. ආණ්ඩුව ගන්නා සෑම සාධනීය පියවරක් සඳහාම උපරිම සහයෝගය ලබාදෙන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී සහතික වී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (22) පස්වරුවේදී පැවති අතර එහිදී මෙම අදහස් පළ වී තිබේ.

එහිදී සජබ ලේකම්වරයා පවසා තිබෙන්නේ ආණ්ඩුවට එක්වී ඇමති තනතුරු ලබාගෙන රටට තවත් බරක් වීමට තම පක්ෂය සූදානම් නොමැති බවයි. සාධනීය කටයුතුවලදී ආණ්ඩුවට සහයෝගය ලබාදිය හැකි බවත් තනතුරු බාර ගතහොත් ආණ්ඩුව ගන්නා වැරදි ක්‍රියාමාර්ගවලදී විවේචන එල්ල කිරීමට නොහැකි වන බවත් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් පවසා ඇත.