― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsවසන්ත ඇතුළු තිදෙනා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අනුමැතිය

වසන්ත ඇතුළු තිදෙනා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අනුමැතිය

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක සහ පූජ්‍ය ගල්වල සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවා තබා විමර්ශනය කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව පැවසීය.

පසුගිය 18 වැනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ පැවැත්වූ විරෝධතාවක් අතරතුර වසන්ත මුදලිගේ ඇතුළු 19 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඉන් 15 දෙනෙක් පසුගියදා ඇප මත මුදා හැරිණි.

ඒ අනුව වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා පැය 72 රැඳවුම් නියෝග යටතේ රඳවා ගැනුණු අතර ආරක්ෂක අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ඔවුන් දින 90 ක් රඳවා තබා විමර්ශනය කිරීමට නියමිතය.