― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅනාවැකිය වැරදී කාලගුණ ලොක්කන් 02ක් රස්සාවෙන් දොට්ට

අනාවැකිය වැරදී කාලගුණ ලොක්කන් 02ක් රස්සාවෙන් දොට්ට

වැරදි කාලගුණ අනාවැකි නිකුත් කිරීම හේතුවෙන් හංගේරියාවේ ජාතික කාලගුණ විද්‍යා සේවයේ ප්‍රධානීන් වහාම එම තනතුරුවලින් ඉවත්කර තිබෙනවා.

ජාතික කාලගුණ විද්‍යා සේවය නිකුත් කළ වැරදි කාලගුණ අනාවැකියක් හේතුවෙන් හංගේරියාවේ රාජ්‍ය අනුග්‍රහයෙන් වාර්ෂිකව පැවැත්වෙන මල්වෙඩි සංදර්ශනයක් අවලංගු කිරීමටයි පසුගිය දා සිදු වුණේ.

පසුගිය සෙනසුරාදා (20) එරට ශාන්ත ස්ටෙපන් දිනය සැමරීමට හංගේරියානුවන් සූදානම් වූ අතර, එම උත්සවය දිනය නිමිත්තෙන් රාත්‍රියේ ඩැනියුබ් නදියේ කිලෝ මීටර් 05ක් දුරට ස්ථාන 240ක මල්වෙඩි සංදර්ශනයක් පැවැත්වීමටයි කටයුතු කර තිබුණේ.

කෙසේ වෙතත් එරට ජාතික කාලගුණ විද්‍යා සේවය සඳහන් කර සිටියේ එදින රාත්‍රියේ බුඩපෙස්ට් අගනුවර ඇතුළු අවට ප්‍රදේශවලට වැහි කුණාටුවක් හමා එන බවයි.

ඒ අනුව රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට නියමිතව තිබූ මල්වෙඩි සංදර්ශනය අවලංගු කළ අතර, එය නැරඹීම සඳහා අගනුවරට රැස්වීමට සිටි ලක්ෂ සංඛ්‍යාත ජනයා ඊට සහභාගී වූයේ නැහැ.

කේසේ වෙතත් කාලගුණ අනාවැකිය බොරු කරමින් වැහි කුණාටුව අගනුවර මඟ හැර ගිය අතර, අගනුවරට වර්ෂාවක් හෝ ඇද හැලුනේ නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව වැරදි අනාවැකි පළකිරීම සම්බන්ධයෙන් හංගේරියානු ජාතික කාලගුණ විද්‍යා සේවයට ජනතාවගෙන් දැඩි අප්‍රසාදයක් එල්ල වූ බවයි වාර්තා වන්නේ.

එම අප්‍රසාදය සහ විරෝධය හමුවේ ජාතික කාලගුණ විද්‍යා සේවයේ ප්‍රධානීන් හංගේරියානු වැසියන්ගෙන් සමාව අයැද සිටි අතර, එරට රජය විසින් තීරණය කළේ එම ප්‍රධානීන් වහාම එම තනතුරුවලින් ඉවත්කර දැමීමටයි.