27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉදිරියට රටකජු ආනයනය කරන්නේ නැහැ - මහින්ද අමරවීර

ඉදිරියට රටකජු ආනයනය කරන්නේ නැහැ – මහින්ද අමරවීර

ජම්බෝ පීනට් සැකසීම සඳහා අවශ්‍ය වන කජු ප්‍රභේදය මින්පසු ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මිද්දෙනිය තෝරකොළ යාය රජයේ බීජ ගොවිපොළේ ශ්‍රී ලංකා ජම්බෝ රටකජු අස්වැන්න නෙලීමේ වැඩසටහනට එක්වෙමිනි.

මෙරට වගා කරන ලද ‘ශ්‍රී ලංකා ජම්බෝ’ නම් විකල්ප රටකජු ප්‍රභේදය ආනයනය කරන රටකජුවලට වඩා ගුණාත්මකභාවයෙන් ඉහළ බවත් මිනිසුන්ට අවශ්‍ය දෛනික ප්‍රෝටීන ප්‍රමාණයෙන් සියයට 29ක් මෙම රටකජු ආහාරයට ගැනීම නිසා සපයා ගත හැකි බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

ලංකාවෙි වාර්ෂික රටකජු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 30,000ක් වන අතර මේ වනවිට රටකජු වගාවෙන් මෙට්‍රික් ටොන් 64,000ක අස්වැන්නක් ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.