28 C
Colombo
Monday, October 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකබ්රාල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට?

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට?

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට පනවා තිබූ විදෙස් ගමන් තහනම අද (23) අහෝසි වන බවට තොරතුරු වාර්තා වේ.

පැමිණිලිකරු වන පූජ්‍ය තීනියාවල පාලිත ස්වාමින් වහන්සේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න කියා සිටියේ සංශෝධිත පැමිණිල්ල තවමත් සූදානම් නැති නිසා එය ගොනු කිරීමට කල් අවශ්‍ය බවයි.

ඒ අනුව තිලිණ ගමගේ මහෙස්ත්‍රාත්වරයා 2022 නොවැම්බර් 15 වැනිදා තෙක් කල් ලබා දෙන බවට නියෝග කළේය.

තවද පැමිණිලිකරුගේ නීතිඥවරු වගඋත්තරකරු අජිත් නිවාඩ් කබ්රාල් වෙනුවෙන් මීට පෙර ක්‍රියාත්මක වී තිබූ විදේශ ගමන් තහනම ඉල්ලා නොතිබුණු නිසා එම විදේශ ගමන් තහනමද අද දිනෙන් අහෝසි වීමට නියමිතය.