ජනාධිපති රනිල් වික්රමසිංහ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර දුරකථන සංවාදයක් පවත්වා ඇති බව වාර්තා වෙයි.
ඔහු මේ සතියේ නැවත ලංකාවට පැමිණීමට කටයුතු සූදානම් කරමින් සිටින අවස්ථාවක මෙම දුරකථන සංවාදය ඇතිව තිබීම විශේෂත්වයකි.
ගෝඨාභයගේ ආරක්ෂිත ගමන්, විධිවිධාන ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ඔහු අතර සාකච්ඡා පැවැති බව වාර්තා වේ.