― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජල බිල වැඩි වෙන හැටි ගැන ඇමතිගෙන් අනාවරණයක්

ජල බිල වැඩි වෙන හැටි ගැන ඇමතිගෙන් අනාවරණයක්

ජල බිල වැඩි වන්නේ අවුරුදු 11කට පසුව බවත් ඒ අනුව රුපියල් 50ට තිබූ සේවා ගාස්තුව රුපියල් 300 දක්වා වැඩි වන බවත් සෞඛ්‍ය සහ ජල සම්පාදන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (23) පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමිනි.

ජල බිල වැඩි කරන්නේ අවුරුදු 11කට පස්සේ. සේවා ගාස්තු තිබුණේ රුපියල් 50යි. ඒක රුපියල් 300 වෙනවා. අපේ කියුබික් මීටර් 15ක් එහෙමත් නැත්තම් ලීටර් 500ක් අපි අර සර්විස් චාර්ජ් එක ඇතුලේ දෙනවා. ඒ කියන්නේ රුපියල් 300ට උදාහරණයකට ගත්තොත් ලීටර් 15,000ක් වතුර මාසෙට දෙනවා. එතනින් එහාට ස්ලැබ්ස් ස්කේල් එකට තමයි වැඩි වෙන්නේ. ලෝකේ මතයක් තියෙනවා 5 දෙනෙකුගේ පවුලකට සාමාන්‍යයෙන් ලීටර් 500ක් දවසකට ඉවුම් පිහුම් සහ සනීපාරක්ෂක වැඩවලට ප්‍රමාණවත් කියලා. රුපියල් 300ක් තමයි ඒකට යන්නේ. එතනින් එහාට දළ වශයෙන් ගත්තොත් අපේ දැන් වතුර ලීටර් 1ක් විකිණෙන්නේ රුපියල් 120 – 130 අතර. වෝටර් බෝර්ඩ් එකෙන් දෙන්නේ ශත 2යි. හැබැයි වෙළෙඳපොලේ විකිණෙනවා රුපියල් 120 කට 130කට වතුර බෝතලයක් ලීටර් 1ක්. අපි දෙන්නේ ශත 2යි. අපි ලක්ෂ 8යි තිබ්බේ 2005 වතුර කනෙක්ශන් දීලා. මේ වෙනකොට 62%කට වර්ධනය කරලා තියෙනවා. තවදුරටත් වතුර මණ්ඩලේ දුවන්න බැහැ. ඉතාමත් සාධාරණ ගාණක් තමයි වැඩි කළේ.