― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අලුත් පනතක් එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අලුත් පනතක් එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නව පනතක් කෙටුම්පත් කිරීමට කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

මේ පිළිබඳව අධිකරණ, බන්ධනාගාර කටයුතු ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් කටයුතු කරමින් සිටින බවත් එම නව කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම අද (23) පැවති කැබිනට් මාධ්ය හමුවේදී ප්‍රකාශ කළේය