25 C
Colombo
Tuesday, October 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට කොරෝනා මරණවල වැඩිවීමක්

මෙරට කොරෝනා මරණවල වැඩිවීමක්

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

මේ වනවිට එන්නත් නොගෙන සිටින අය එන්නත් ගැනීම මගින් රෝගය පාලනය කළ හැකි බව එහි ප්‍රධාන වසංගත විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ ප්‍රකාශ කළේය.

වැඩිම සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් වන අතර ඊයේ (22) මෙරටින් කොරෝනා මරණ 06ක් වාර්තා වී තිබේ.

ඒ අතරින් 04ක් කාන්තාවන් වන අතර මිය ගිය අය අතරින් තිදෙනෙක්ම අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් බව වාර්තා වෙයි.

අනෙක් තිදෙනා වයස අවුරුදු 30 – 59 අතර පසු වූ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවක්ය.