28.4 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරජයේ මාධ්‍ය ආයතනවල සේවකයන්ට වන්දි නොගෙවා ඉවත් කරන්නේ නෑ

රජයේ මාධ්‍ය ආයතනවල සේවකයන්ට වන්දි නොගෙවා ඉවත් කරන්නේ නෑ

රාජ්‍ය මාධ්‍ය ආයතනවල අතිරික්ත සේවකයන් ඉවත් කිරීමේදී එය වන්දි ගෙවීමකින් තොරව සිදු නොකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (23) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මීට පෙර අවස්ථාවලද එම ක්‍රමවේදය යොදා ගත් බවත් රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවල ඇති වන්දි සූත්‍රයට අනුව කටයුතු කරන බවත්ය.

ඒ සම්බන්ධයෙන් කමිටු මගින් අධ්‍යනය කර වන්දි සූත්‍රය අනුව කටයුතු කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.