29.5 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිසුන් අපයෝජනය කළ ගාල්ලේ කපුවා යළි රිමාන්ඩ්

සිසුන් අපයෝජනය කළ ගාල්ලේ කපුවා යළි රිමාන්ඩ්

පාසල් සිසුන් අපයෝජනය කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි උණවටුන, මැටරඹ දේවාලයේ කපුවා අද (23) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකාර කපුවා ලබන මස 06 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

සැකකාර කපුවා අද දින අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථවේ දී අධිකරණය අසළ සාමකාමී විරෝධතාවක් ද පැවැත් වුණා.

ගාල්ල සහ කොළඹ ප්‍රදේශවල වයස අවුරුදු 09ත් 15ත් අතර දරුවන් කිහිප දෙනෙකු වට්සැප් තාක්ෂණය මඟින් පොළඹවාගෙන අපයෝජනය කර ඇති බවට අනාවරණය වීමත් සමඟ සැකකාර කපුවා පසුගිය 10 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.