30 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews'හාල් සමීර' STF අත්අඩංගුවට

‘හාල් සමීර’ STF අත්අඩංගුවට

අපරාධ රැසකට සම්බන්ධ බවට හඳුනාගෙන සිටි වර්ණකුලසූරිය ක්‍රිස්ටේබුගේ සමීර සම්පත් ප්‍ර‍නාන්දු හෙවත් ‘හාල් සමීර’ නැමැත්තා අවි ආයුධ කිහිපයක් සමඟ විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිනුවන්ගොඩ පොලිස් වසමේ, කෙසෙල්කොටුව, පට්ටඩුවන ප්‍රදේශයේ නිවසක රැඳී සිටිය දී ඊයේ (22) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු දිවයින පුරා පිහිටි සහල් නිෂ්පාදකයන්ගෙන් මහා පරිමාණයෙන් සහල් එක්රැස් කර, ඒ සඳහා අගරු චෙක්පත් නිකුත් කරමින් වංචනික අන්දමින් සහල් ජාවාරම් සිදුකළ අයෙක්.

මීගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක මෙම සැකකරු නීති විරෝධී ක්‍රියා හේතුවෙන් වරදකරුවෙකුව බන්ධනාගාර ගතව සිටි තැනැත්තක් බවයි පොලිසිය සඳහන් කළේ.