29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIMF නියෝජිත පිරිසක් අද දිවයිනට

IMF නියෝජිත පිරිසක් අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක් අද (23) දිනයේ දී මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

එම පිරිස ලබන 31 වනදා දක්වා මෙරට තුළ රැඳී සිටීමට නියමිත් අතර, එහිදී මෙරට නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදීම සඳහා ආධාර පැකේජයක් හඳුන්වාදීම සඳහා වන කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් ඇතිකර ගැනීමට එම පිරිස මෙලෙස මෙරට සංචාරයේ නිරත වනවා.

මේ අතර මෙම වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට අපේක්ෂිත ණය පහසුකම් ලබාගැනීමට හැකිවනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කළා.

එමෙන්ම ඉදිරි වසර තුන හතර සඳහා සමස්ථ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට පැමිණීමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.

බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පළකළා.