30.6 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුහුද තීරය පිරිසිදු කරන්න රුපියල් කෝටි 90ක්

මුහුද තීරය පිරිසිදු කරන්න රුපියල් කෝටි 90ක්

පසුගිය වසරේදී ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් නිකුත් වූ ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය ඉවත් කොට මන්නාරම සිට හම්බන්තොට, කිරින්ද දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කිරීමට රුපියල් 903,857,293ක් වැය වී ඇති බව අනාවරණය වී තිබේ.

ඊයේ (23) නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකදියි මේ බව හෙළි විය.

මෙහිදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතීඥ දර්ශනී ලහදපුර පැවසුවේ මුහුදුබත් වූ නෞකාවේ බහලුම්වලින් නිකුත් වන ප්ලාස්ටික් සහ රසායන ද්‍රව්‍යයන් ඉවත් කොට මෙරට මුහුදු තීරය සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීමට තවත් වසර කිහිපයක්ම ගතවනු ඇති බවයි.

නෞකා අනතුරු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් ඒ සඳහා නව නීති සම්පාදනය කරන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට උපදෙස් ලබා දුන්නේය.