25.6 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය සේවයට බඳවා ගැනීමේ විභාග නොපැවැත්වීමට තීරණයක්

රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ විභාග නොපැවැත්වීමට තීරණයක්

රාජ්‍ය සේවයට බදවා ගැනීමේ කිසිදු විභාගයක් නොපවත්වන ලෙස මුදල් අමාත්‍යාංශය විභාග දෙපාර්තමේන්තුවට ඊයේ (23 ) දැනුම් දී තිබෙනවා. මේ දක්වා පවත්වා ඇති බඳවා ගැනීමේ විභාගවල ප්‍රතිඵල ද නිකුත් නොකළ යුතු බව දන්වා ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් නතර කිරීමට පියවර ගත්තේ මෙම වසරේ අයවැය යෝජනාවක් අනුව ය.

පාසල්වල පවතින සෞන්දර්ය, ගෘහ ආර්ථික විද්‍යා සහ ඉංග්‍රීසි ගුරුවරුන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා පසුගිය පෙබරවාරි මාසයේ පැවැති විභාගයේ ප්‍රතිඵලද නිකුත් කිරීමට නොහැකි වී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.