― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුව කල් යයි

හිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුව කල් යයි

2015 වසරේ දෙසැම්බර් මස දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නැමැති තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නඩුව ගොනුකර තිබුණා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය නොවැම්බර් මස 16 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය. එම නඩුව අද (24) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා වන අශාන් ප්‍රනාන්දු මහතා මේ දිනවල අසනීප තත්ත්වයෙන් පසු වන හෙයින් එම නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටියා.

නඩුවේ විභාගය නොවැම්බර් මස 16 වන දා ට නියම කළ අධිකරණය එදින සාක්ෂිකරුට පෙනී සිටින ලෙස අවවාද කළේය.