― political ―

වත්මන් වැඩපිළිවෙළින් බැහැරව රට ගොඩනැඟීම සිහිනයක් පමණයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළින් බැහැරව කිසිවකු හෝ ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට සිහින මවනවා නම් යළිත් මේ රට කඩාවැටීමට ලක්වීම...
HomeNewsඅතිරික්ත රජයේ සේවකයින් නඩත්තු කිරීම ගැටලු සහගතයි

අතිරික්ත රජයේ සේවකයින් නඩත්තු කිරීම ගැටලු සහගතයි

නිසි ක්‍රමවේදයෙන් බැහැරව රාජ්‍ය සේවය සඳහා සේවකයින් බඳවා ගැනීම තුළින් රාජ්‍ය සේවයේ අතිරික්තයක් පවතින බවත් ඒ හේතුවෙන් රාජ්‍ය සේවකයින් නඩත්තු කිරීම තවදුරටත් ගැටලු සහගත බවත් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පි.කේ. මායාදුන්න පවසයි.

ඊයේ (24) රාත්‍රියේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින් ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ලේකම්වරයා මේසේද පැවසීය.

විධිමත්ව බඳවා ගැනීමේ ක්‍රමවේදය ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස් කරපු අවස්ථා තියෙනවා. නිශ්චිත තනතුරකට ඇබෑර්තු නෑ හැබැයි රැකියා විරහිත උපාධිධාරීන් ඉන්නවා නම් බඳවා ගන්නවා. ඒ විදියට සමහර වෙලාවට සංස්ථා, මණ්ඩල කියන ඒවායේ දී මේ කාර්ය මණ්ඩල සංඛ්‍යාව නොසලකා යම් යම් අධිකාරී විසින් බඳවා ගෙන තියෙනවා වරින් වර. කම්කරු, කාර්ය කාරක සහායක වගේ තනතුරු ඇරුණහම අනෙක් ඔක්කෝම එන්න ඕනේ තරග විභාගවලින්. මුළු රාජ්‍ය සේවයෙන් තුනෙන් එකක් ඉන්නේ ඒ කැටගරි එකේ. අපි තුනෙන් එකක් නඩත්තු කරන්නේ මේ කියන රියදුරු, කම්කරු, සහායක කියන ප්‍රමාණය. මේවා තවදුරටත් මෙහෙම නඩත්තු කරන්න බෑ. අපි අවුරුද්දකට රාජ්‍ය වැටුප් සම්බන්ධයෙන් ත්‍රිලියනයක් භාණ්ඩාගාරයෙන් වියදම් කරනවා. ස්ථීර වශයෙන්ම අපි හැමෝම දන්නවා මේ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂම නිකන් ඉන්න විශාල පිරිසක් ඉන්නවා පේනවා. ඒකට හේතුව තමා නිශ්චිත තනතුරක් නැතුව බඳවා ගත්තු ප්‍රමාණයක් රාජ්‍ය සේවයේ ඉන්නවා. සමස්තයක් විදියට ගත්තහම මේකෙන් තුනෙන් එකක් අඩුවෙන් වුණත් මහජන සේවය පවත්වන්න මේ රාජ්‍ය සේවයට බැරිකමක් නෑ.