32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅන්තරේ කැඳවුම්කරු ප්‍රශ්නවලට උත්තර දෙන තැන මෙන්න

අන්තරේ කැඳවුම්කරු ප්‍රශ්නවලට උත්තර දෙන තැන මෙන්න

අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අධිකරණයකදී පමණක් පිළිතුරු ලබා දීමට තීරණය කර ඇති බව නීතිඥ නුවන් බෝපගේ ඊයේ (24) ප්‍රකාශ කළේය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ වසන්ත මුදලිගේ, ගල්වල සිරිධම්ම හිමි හා හෂාන් ජීවන්ත ගුණතිලක යන විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරීන් තිදෙනාගේ සුවදුක් විමසීම සඳහා තංගල්ල රැඳවුම් මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේදීය.

පොලිස් නිලධාරීන් ඇසූ බොහෝ ප්‍රශ්නවලට වසන්ත මුදලිගේ පිළිතුරු ලබාදී නොමැති බවත් සියලු ප්‍රශ්නවලට අධිකරණයකදී පමණක් පිළිතුරු ලබා දීමට ඔහු තීරණය කර ඇති බවත් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

වසන්ත මුදලිගේ හට කායික වධහිංසා සිදුකර නොමැති මුත් බරපතළ මානසික වධ හිංසාවට ලක් කර තිබූ බවත් බොහෝ කාලයකින් ප්‍රයෝජනයට නොගත් ගොඩනැඟිල්ලක වසන්ත මුදලිගේ රඳවා සිටින බවත් ඔහුගේ ප්‍රයෝජනය සඳහා පැදුරක් පමණක් ලබාදී තිබෙන බවත් නීතිඥවරයා එහිදී සඳහන් කළේය.