26.1 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅයවැයෙන් පසු නව ඇමති මණ්ඩලය දිවුරයි

අයවැයෙන් පසු නව ඇමති මණ්ඩලය දිවුරයි

අතුරු අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු දැනට පත් කර ඇති තාවකාලික කැබිනට් මණ්ඩලය වෙනුවට නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

සර්ව පාක්ෂික වැඩපිළිවෙළ යටතේ මෙම නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම නව කැබිනට් මණ්ඩලයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දැනට අමාත්‍ය ධුර දරන මෙන්ම අමාත්‍ය ධූර දැරූ කිහිප දෙනෙකුද ඇතුළත් වන බවට තොරතුරු වාර්තා වෙයි.

සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත ලබන 30 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.