26.7 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඑක එක්කෙනාට ඕන විදියට තනතුරු දෙන්න බෑ

එක එක්කෙනාට ඕන විදියට තනතුරු දෙන්න බෑ

කෝප් සහ කෝපා කමිටු සභාපති තනතුරුවලට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පිටින් මන්ත්‍රීවරුන් පත් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී දැඩි විරෝධය පළ කර තිබේ.

එම කමිටු පිහිටුවීමටත් කලින් ඒවායේ සභාපති තනතුරු සඳහා සමගි ජන බලවේගය පක්ෂය එම පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ නම් යෝජනා කර ඇතැයිද පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව එසේ කටයුතු කිරීමේ හැකියාවක් නැතැයිද කාරියවසම් එහිදී පෙන්වා දී ඇත.

මුලින්ම එම කමිටු පිහිටුවා ඉන් අනතුරුව එහි සාමාජික මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්තෙන් සභාපතිවරයා තෝරා පත්කර ගතයුතු වන බව පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල පැහැදිලිවම දැක්වෙන බවත් ඔහු අවධාරණය කළේය.