31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalඖෂධ හිඟය ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා - කෙහෙළිය රඹුක්වැල්ල

ඖෂධ හිඟය ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා – කෙහෙළිය රඹුක්වැල්ල

රට තුළ පැවති ඖෂධ හිඟය මේ වන විට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවත් හිඟව පවතින ඖෂධ කඩිනමින් ලබා ගැනීමට පියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතයින් පිරිසක් හමුවු අවස්ථාවේදීය.

එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ ඖෂධ ගෙන්වීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට කටයුතු කර ඇති බවයි. එමෙන්ම ඖෂධ ගෙන්වීම සඳහා මාස 09ත් 11ත් අතර කාලයක් ගතවූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා මේ වන විට ගත වන කාලය මාස 3ත් 4ත් දක්වා අඩු කර ගැනීමට හැකි වී ඇති බවත් අමාත්‍යවරයා ඔවුන් හමුවේ පවසා ඇත.