25.6 C
Colombo
Friday, December 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalචීනයෙන් ගත් ණය ගැන ස්ථාවරය වෙනස් කරන්නැයි රනිල් ඉල්ලයි

චීනයෙන් ගත් ණය ගැන ස්ථාවරය වෙනස් කරන්නැයි රනිල් ඉල්ලයි

ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය සම්බන්ධයෙන් වන ස්ථාවරය වෙනස් කරන ලෙස චීනයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.

ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ ජාත්‍යන්තර පුවත් සේවයක් වෙත විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිනි.

චීනය සමඟ ණය ගනුදෙනුවකට එළැඹීම සරල කාර්යයක් නොවන බව එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

මෙම සම්මුඛ සාකච්ඡාව පළකරමින් එම පුවත් සේවය පෙන්වා දී ඇත්තේ ‘ඉන්දියානු සාගරයේ බංකොළොත් රාජ්‍යයට විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නා වන චීනය වෙත කරන ආයාචනය, විදේශ සංචිත සාගින්නෙන් හා දුක්ඛිත තත්ත්වයෙන් මිරිකී සිටින ආර්ථිකයක් යළි ගොඩනැගීමට උත්සාහ කරන රටේ මූල්‍ය කණ්ඩායමට නායකත්වය දෙන වික්‍රමසිංහට එය බලවත් අභියෝගයක් වී’ ඇති බවයි.