27.8 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමහපාරේ උද්ඝෝෂණ කළාට සිස්ටම් චේන්ජ් කරන්න බෑ

මහපාරේ උද්ඝෝෂණ කළාට සිස්ටම් චේන්ජ් කරන්න බෑ

මහ පාරේ උද්ඝෝෂණ කළාට සිස්ටම් චේන්ජ් කළ නොහැකි බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවැසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24) ලලිත් ඇතුලත්මුදලි ශ්‍රවණාගාරයේදි පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

සිස්ටම් චේන්ජ් කළ හැක්කේ තරුණ පරම්පරාව දේශපාලනික, ආර්ථික හා සමාජයීය වශයෙන් සන්නද්ධ කිරීමෙන් පමණක් බව එහිදී සඳහන් කළේය.

අර්ථයක් නැති සිස්ටම් චේන්ජ්වලට යොමු වනවාට වඩා යථාර්ථය දකින සැබෑ සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් පෙනී සිටින ලෙස ඩිප්ලෝමාධාරීන් ගෙන් ඉල්ලීමක් කරන බවද අමාත්‍යවරයා පැවසුවේය.

වරාය අධිකාරියේ මෙතෙක් පැවති සාම්ප්‍රදායික සිස්ටම් එක තමා අමාත්‍යවරයා ලෙස පත් වූ පසු චේන්ජ් කළ බවත් වරායේ තනතුරු වලට තමා කිසිවිටකත් ඥාතීන් හෝ දේශපාලන හිතවතුන් පත් නොකළ බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

තමා වරාය අධිකාරියට පත් කළේ ඒ ඒ ‍ක්‍ෂේත්‍රවල වෘත්තීය නිපුණයින් බව ඔහු වැඩිදුරටත් පැවසීය.