― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsයුක්‍රේනයේ ඛේදවාචකයක් - 20ක් ජීවිතක්ෂයට

යුක්‍රේනයේ ඛේදවාචකයක් – 20ක් ජීවිතක්ෂයට

යුක්‍රේනයේ දුම්රිය ස්ථානයක් ඉලක්ක කර රුසියාව එල්ල කළ රොකට් ප්‍රහාරයකින් විසිදෙදෙනෙකු මියගොස් තිබෙනවා. රුසියාව, යුක්‍රේනය ආක්‍රමනය ආරම්භ කර මාස 6 ක් සම්පූර්ණ වූ ඊයේ දිනයේ ප්‍රහාරය සිදු කිරීම කැපී පෙනෙන සිදුවීමක්.

යුක්‍රේන ජනාධිපති ව්ලැඩ්මීර් සෙලන්ස්කි පවසන්නේ ප්‍රහාරයෙන් තවත් 50 කට අධික පිරිසක් බරපතල තුවාල ලැබූ බවයි. නැගෙනහිර චැප්ලින් නගරයට එල්ල කෙරුණු මෙම ප්‍රහාරයෙන් මියගිය 5 දෙනෙකු වාහනයක් තුළ පිළිස්සී ගොස් ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

ඉන් එක් අයෙකු වයස අවුරුදු 12 ක පිරිමි දරුවෙක්. යුක්‍රේන නිදහස් දිනයද ඊයේ අභිමානවත් ලෙස පැවැත්වුණා. නිදහස් දින උත්සවයට පෙර ජනාධිපති සෙලන්ස්කි කියා සිටියේ, අදාළ දිනය තුළ රුසියාව එක් ප්‍රහාරයක් හෝ සිදු කළහොත් ඊට වන්දි ගෙවීමට සිදු වනු ඇති බවයි. තම වැසියන්ට නිදහසේ සැබෑ අරුත විඳීමට ජනාධිපති පුටින් අවස්ථාව ලබාදියයුතු බව, සෙලන්ස්කි අවධාරණය කර තිබුණා.

එවැනි පසුබිමක ඊයේ එල්ල කෙරුණු මෙම ප්‍රහාරය පිළිබඳව යුක්‍රේනය දැඩි විවේචන එල්ල කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් අතරතුර යුක්‍රේන ජනාධිපතිවරයා මේ පිළිබඳව සංවේගයෙන් අදහස් ප්‍රකාශ කළා.

ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවයි වාර්තා වන්නේ. කෙසේ ‍වුවද, රුසියානු රාජ්‍ය සිවිල් වැසියන් සහ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර සිදු කරන බවට යුක්‍රේනය කරන චෝදනා තවදුරටත් ප්‍රතික්ෂේප කරමින් සිටිනවා.