26 C
Colombo
Thursday, October 2, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවඳුරු උණ, කොවිඩ් 19 සහ HIV ‍වැළඳුණු රෝගියෙක් ඉතාලියෙන්

වඳුරු උණ, කොවිඩ් 19 සහ HIV ‍වැළඳුණු රෝගියෙක් ඉතාලියෙන්

වඳුරු උණ, කොවිඩ් 19 සහ HIV ‍යන රෝග තුනම වැළඳී ඇති පුද්ගලයෙක් ඉතාලියෙන් හමු වී තිබෙනවා.

36 හැවිරිදි මොහු දින පහක සංචාරයක් නිමා කර ආපසු පැමිණ ඇති අතර දින නවයකට පමණ පසු උණ, උගුරේ අමාරුව, තෙහෙට්ටුව, හිසරදය සහ ඉකිලි ප්‍රදේශයේ දැවිල්ල ඇති වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.

රෝග ලක්ෂණ මතු වී දින තුනකට පසු ඔහු කළ පීරීආර් පරීක්ෂණයකින් ඔහු කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

පසුව ඔහුගේ අනෙකුත් ශරීර කොටස්වල දරුණු සමේ කුෂ්ඨ ඇති වී ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට යොමු කර ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ ඔහුට HIV වෛරසයද ආසාදනය වී ඇති බවයි.