27.2 C
Colombo
Sunday, November 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැලිකන්ද කඳවුර උණුසුම් වෙයි - රැඳවියන් විරෝධතාවක

වැලිකන්ද කඳවුර උණුසුම් වෙයි – රැඳවියන් විරෝධතාවක

පොළොන්නරුව වැලිකන්ද නවසේනපුර පුනරුත්ථාපන කඳවුරේ රැඳවියෝ 200කට වැඩි පිරිසක් ඊයේ (24) එම කඳවුරේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට කළු කොඩි ඔසවා විරෝධතාවයක නිරත වූ බව වාර්තා වෙයි.

ඒ යුද හමුදා නිලධාරීන් තමන්ට පහරදී, විවිධ හිරිහැර පීඩාවන්ට ලක්කර ආහාර ලබා නොදෙන බවට චෝදනා කරමින්.

මෙලෙස කළු කොඩි ඔසවා විරෝධතාවයේ නිරත වූ පුනරුත්ථාපන රැඳවියන් ප්‍රධාන දොරටුව කඩාගෙන පලායෑමට සූදානම් වීමත් සමඟ වැලිකන්ද පොලිසිය වහා ක්‍රියාත්මක වී යුද හමුදාවල සහ හිඟුරක්ගොඩ, අරලගංවිල යන පොලිස් ස්ථානවලින් විශේෂ පොලිස් කණ්ඩායම්ක් කැඳවා එම කඳවුරේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන තිබේ.