27.2 C
Colombo
Sunday, August 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසංචාරකයින්ගේ පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක්

සංචාරකයින්ගේ පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක්

අගෝස්තු මාසයේ මුල් සති තුන තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 30,000 සීමාව ඉක්මවා තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වලට අනුව අගෝස්තු 01 සිට 23 දක්වා කාලය තුළ සංචාරකයන් 31,105 ක් මෙරටට පැමිණ ඇත.ජනවාරි 01 සිට අගෝස්තු 23 දක්වා සංචාරකයන් 489,775 ශ්‍ර්‍ර්‍රී ලංකාවට පෑමීණ ඇත. මාසය සඳහා මේ දක්වා දිනකට සාමාන්‍ය සංචාරක පැමිණීම් 1,350 ක් පමණ වේ. අගෝස්තු මාසය සඳහා සතිපතා පැමිණීමේ ප්‍රවණතාවය විශ්ලේෂණය කිරීමෙන් පෙන්නුම් කරන්නේ මාසයේ මුල් සතියේ (අගෝස්තු 01-07) වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණි බවයි. ඊළඟ සතිවල පහත වැටීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළේය.

අගෝස්තු මාසයේ මුළු සංචාරක පැමිණීම ජූලි මාසයට වඩා අඩු විය හැකි අතර එය 47,293 කි.

අගෝස්තු මාසය සඳහා ශ්‍රී ලංකාව සඳහා ප්‍රමුඛතම මූලාශ්‍ර වෙළෙඳපොළ තුන වූයේ එක්සත් රාජධානිය, ඉන්දියාව සහ ජර්මනියයි. අගෝස්තු 10 සිට 23 දක්වා කාලය තුළ එක්සත් රාජධානියෙන් පැමිණි සංඛ්‍යාව 5,872 ක් වූ අතර ඉන්දියාවෙන් සහ ජර්මනියෙන් පැමිණි මුළු සංඛ්‍යාව 4,262 ක් සහ 2 ,779 ක් වෙයී.