27.2 C
Colombo
Saturday, December 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසතියකට ඉන්ධන ලීටර් 30ක් ලබාදෙන්නැයි ඉල්ලමින් විරෝධතා

සතියකට ඉන්ධන ලීටර් 30ක් ලබාදෙන්නැයි ඉල්ලමින් විරෝධතා

සතියකට ඉන්ධන ලීටර් 30ක් ලබා දෙන ලෙස ඉල්ලා වෘත්තීය ත්‍රීරෝද රථ සේවක සංගමයේ සාමාජිකයන් විසින් අද (25) පිළියන්දල නගරයේ විරෝධතාවයක් පවත්වා තිබේ.

මේ වන විට සතියකට තමන් වෙත ලබාදෙන ඉන්ධන ලීටර් 5 කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් එය දිනකට පමණක් සෑහෙන පවසමින් විරෝධතා පුවරු රැගෙන බෝකුන්දර හන්දියේ සිට ත්‍රිරෝද රථ සහ පා ගමනින් පිළියන්දල නගරය දක්වා පැමිණ ඔවුන් සිය විරෝධය පළ කළේය.