27.2 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිටපු අගමැති බේරාගැනීමට නොහැකිවීම නිසා ජපානයේ පොලිස් ලොක්කා අස්වෙයි

හිටපු අගමැති බේරාගැනීමට නොහැකිවීම නිසා ජපානයේ පොලිස් ලොක්කා අස්වෙයි

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේ ඝාතන සිද්ධිය මුල්කර ගනිමින් එරට ජාතික පොලිස් ඒජන්සියේ ප්‍රධානී ඉතාරු නකමුරා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

හිටපු අගමැතිවරයා ට නිසි ආරක්ෂාවක් සැපයීමට අපොහොසත් වීම පිළිබඳව වගකීම භාරගනිමින් තමා ධුරයෙන් ඉල්ලා අස්වන බව ඔහු පවසයි.

පසුගිය ජුලි මාසයේදී හිටපු අගමැති ෂිංශෝ අබේ ව වෙඩිතබා ඝාතනය කළ අතර ඔහුට නිසි ආරක්ෂාවක් සැපයීමට පොලීසිය අසමත්වීම පිළිබඳව කනගාටුවන බව සිය ඉල්ලා අස්වීමේ තීරණය නිවේදනය කරමින් ඔහු ප්‍රකාශ කළේය.