27.8 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews38 වන රණවිරු ගුණ සැමරුම සැප්තැම්බර් 01 වැනිදා

38 වන රණවිරු ගුණ සැමරුම සැප්තැම්බර් 01 වැනිදා

රට වෙනුවෙන් තම දිවි කැප කළ විශේෂ කාර්ය බලකායේ 38 වන රණවිරු ගුණ සැමරුම සැප්තැම්බර් 01 වැනිදාට යෙදී තිබේ.

‘අභියෝග මැද ස්ථිර අදිටනින් නියතයි ජය’ පාඨය තම තේමාව කරගත් විශේෂ කාර්ය බලකාය යනු වසර 38 ක් පුරා මාතෘභූමියේ භෞමික අඛණ්ඩතාවය හා ශෛරීත්වය වෙනුවෙන් අභිමානවත් ගමනක් පැමිණි බලකායක්.

රට වෙනුවෙන් දිවි පිදූ හා ඇස්, ඉස්, මස්, ලේ දන්දුන් එම අභිමානවත් රණවිරුවන් අහිමානයෙන් සැමරීමේ උත්සව මාලාවක් විශේෂ කාර්ය බලකාය විසින් සංවිධානය කර තිබේ.

ඒ අනුව සැප්තැම්බර් 01 වැනිදා උදේ 7.30ට විශේෂ කාර්ය බලකාය කටුකුරුන්ද පුහුනු පාසලේ, උදේ 07.50ට අනුරාධපුර රුවන්වැලි මහ සෑය අබියස, උදේ 07.15ට කතරගම කිරි වෙහෙර පූජා භූමි පරිශ්‍රයේ, 07.15 ට විශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ ස්ථාපිත කර ඇති රණවිරු ස්මාරකය අභියස හා උදේ 10ට මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභියස මෙම උත්සව පැවැත්වීමට සැලසුම් කර තිබේ.