26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෙහෙළිය ඇතුළු 04කට එරෙහිව අධිචෝදනා

කෙහෙළිය ඇතුළු 04කට එරෙහිව අධිචෝදනා

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අධිචෝදනා හතරක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

2015 ජනාධිපතිවරණ සමයේදී එනම්, 2014.11.25 හා 2014.12.10 කාලය අතරතුරදී නිසි අවශ්‍යතාවයක් නොතිබියදීත් රූපවාහිනි ප්‍රවර්ධන කටයුත්තක් සඳහා බව පෙන්වා දෙමින් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් නව ලක්‍ෂ අනූනමදහසක් වැයකර ජී. අයි. පයිප්ප 600ක් මිලදී ගැනීමෙන් අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ ගැනෙන වැරදි සිදුකළේ යැයි එමගින් චෝදනා නඟා තිබිණි.

හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ලට අමතරව ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ එවකට ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ඩී. එල්. චන්ද්‍රපාල, හිටපු සභාපතිවරයකු වන විමලසේන රූපසිංහ යන මහත්වරුන් සෙසු විත්තිකරුවන් ලෙස නම්කර ඇත.