28.9 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝඨාභය අගමැති කිරීමට පොහොට්ටුවේ කැමැත්ත

ගෝඨාභය අගමැති කිරීමට පොහොට්ටුවේ කැමැත්ත

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට සූදානම් නම් ඊට අකමැත්තක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

එහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේ ගෝඨාභය රාජපක්ෂට අගමැති ධුරය ලබාදීමට කැමතිද යනුවෙනි.

ඊට පිළිතුරු දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ප්‍රකාශ කළේ,

“අපේ අකමැත්තක් නැහැ. කැමතියි. අනිවාර්යයෙන් අපි ඡන්දයත් දෙනවා.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ ප්‍රකාශ කළේ,

“ගෝඨාභය රාජපක්ෂ කඩිනමින් මේ රටට පැමිණිය යුතුයි. එතුමාට ආරක්ෂාව ලබාදිය යුතුයි. අපේ කිසි අකමැත්තක් නැහැ. හැටනම ලක්ෂයක් ජනතාව ඡන්දය දීලා පත්කරගත් ජනාධිපතිවරයෙක්නේ. ඉතින් අගමැති ධුරයට පත්වුණාට කවුද අකමැති වෙන්නේ. මම නම් විරුද්ධ නැහැ. එතුමා ඉල්ලුවොත් අගමැති ධුරයට අපි ඡන්දයත් දෙනවා.”