31.1 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsධානිෂ් අලි ඇතුළු 07කට ඇප

ධානිෂ් අලි ඇතුළු 07කට ඇප

ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලි ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් මෙම නියෝගය නිකුත් කළ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර සිටින ළහිරු වීරසේකර හා තවත් සැකකරුවෙක් අද අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඔවුන්ද රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කටයුතු කළේය.

ඇප නියම වූ සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.