― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsයළි කොවිඩ් පැතිරීමේ අවදානමක්

යළි කොවිඩ් පැතිරීමේ අවදානමක්

යළිත් රට තුළ කොවිඩ් පැතිරයාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ පැවසුවේ රෝගීන් වැඩිවීමත් සමඟ මරණ සංඛ්‍යාව ද ඉහළ යාමක් සිදුවිය හැකි බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කොවිඩ් 19, ඩෙංගු අවදානම සහ වඳුරු උණ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් වෛද්‍වරයා මේ බව අනාවරණය කළේය.

මෙම තත්ත්වය වළක්වා ගැණීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත වීම, සෞඛ්‍ය පුරුදු ආරක්ෂා කිරීම හා එන්නත්කරණය අත්‍යවශ්‍ය බව විශේෂඥ වෛද්‍යවරයා එහිදී අවධාරණය කළේය.

ගෝලීය වශයෙන් වසංගතය ව්‍යෘප්තිය වැඩිවීමත් නව ප්‍රභේද ඇති වීමත් සමග නැවත රට තුළ කොවිඩ් 19 වසංගතය උත්සන්න වීමේ අවධානමක් පවතින බව ඔවුන් පෙන්වා දෙයි.

විශේෂඥයින් පවසන පරිදි ඔමික්‍රෝන් ප්‍රභේදයේ අනු ප්‍රභේද වඩාත් ක්‍රියාකාරී වන නිසා ඉක්මනින් සමාජය තුළ වසංගතය පැතිර යාමේ හැකියාවක් පවතී.

මෙම තත්ත්වය පාලනය කිරීමට සමාජය තුළ රෝගය පැතිරීම වළක්වා ගත යුතු වන අතර කොවිඩ් රෝගය සමාජගත වීම වැළැක්වීම ජනතාව අනුගමනය කළයුතු ක්‍රමවේද දෙකක් පිළිබඳවද වෛද්‍යවරයා ජනතාව දැනුවත් කළේය.