25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංකාවේ සංචාරය කිරීමේදී ප්‍රවේසම් වන්නැයි ඉන්දියාවෙන් රතු නිවේදන

ලංකාවේ සංචාරය කිරීමේදී ප්‍රවේසම් වන්නැයි ඉන්දියාවෙන් රතු නිවේදන

ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය පුරවැසියන්ට ප්‍රවේශම්ව කටයුතු කරන ලෙස දැනුවත් කර ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාව මේ වන මුහුණ දී සිටින දැඩි ආර්ථික අර්බුදය, මුදලේ අගය අවප්‍රමාණය වීම ඇතුළු කරුණු හේතුවෙන් ඉන්දීය ජාතිකයින්ට සිය මුදල් හුවමාරු කර ගැනීම සහ පවතින ඉන්ධන තත්ත්වය යන කරුණු ගැන ප්‍රවේශම්ව සිටින ලෙස දැනුවත් කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි ප්‍රකාශ කරයි.

අපි කාලයක් තිස්සේ මෙම ශ්‍රී ලංකාවේ ඇතිවන තත්ත්වයන් ගැන නිරීක්ෂණය කරමින් සිටිනවා. අපගේ තක්සේරුව අනුව ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයින් පැමිණෙන්නේ ඉන්දියාවෙන් බවයි. ශ්‍රී ලංකාවේ දැනට වෙසෙන හෝ එහි යෑමට සිටින සියලුම ඉන්දියානුවන්ට සාමාන්‍ය මග පෙන්වීමක් ලෙස අප මෙම දැනුවත් කිරීම සිදුකරනවා.
අපගේ උත්සාහය ඉන්දියාවෙන් පිටත සිටින ඉන්දියානුවන් සම්බන්ධ කිසිදු අප්‍රසන්න සිදුවීමකට ඔවුන් මුහුණ දීම වැළැක්වීමයි. එබැවින් ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දියානුවන්ට දැනුවත් කරනවා පවතින තත්ත්වය ගැන සැලකිල්ලෙන් හා ප්‍රවේශමෙන් කටයුතු කිරීමට උත්සහ ගන්න කියා. එමෙන්ම ශ්‍රී ලංකාවට යෑමට පෙර එහිදී මුදල් මාරුකර ගැනීමට ඇති හැකියාව සහ ඉන්ධන තත්ත්වය යන සියලු සාධක ගැන අවදානයෙන් පසුවන්න කියා.