28.9 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාව ගැන චීනයෙන් සහතිකයක්

ශ්‍රී ලංකාව ගැන චීනයෙන් සහතිකයක්

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තරයේදී සැමවිටම චීනය සහාය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong ප්‍රකාශ කර තිබේ.

එම නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ, ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීම චීනය කිසිවිටෙකත් නොඉවසන බවය.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ, “අපි එම සහාය දිගටම දෙනවා. නමුත් සමහර රටවල් – ළඟ පිහිටි හෝ දුරින් ඇති – විවිධ පදනම් විරහිත හේතු දක්වමින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය සහ ස්වාධීනත්වය පාගා දමමින් ඔවුන්ව අපහසුතාවයට පත් කරයි”.