26 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඇමති කංචනගෙන් පාඨලීට සභාපති ධුරයක්

ඇමති කංචනගෙන් පාඨලීට සභාපති ධුරයක්

ඉන්ධන සහ ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවක් පිහිටුවීමේ යෝජනාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (29) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එම යෝජනාව ඉදිරිපත් ක‍රමින් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට කියා සිටියේ, විපක්ෂය පාර්ලිමේන්තු කාරක සභාවල සභාපතීත්වයන් දිගින් දිගටම ඉල්ලමින් සිටින බැවින්, තමා යෝජනා කළ කාරක සභාවේ සභාපතීත්වය විපක්ෂයට ලබා ගැනීමට ආරාධනා කරන බවයි.

ඒ අනුව එම ක්ෂේත්‍රයන්හි දැනුමක් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැනි අයෙක් එහි සභාපතිත්වය සඳහා පත්වනවානම් නම් වඩාත් සුදුසු බවද අමාත්‍යවරයා පැවැසීය.