30 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඋපාධිධාරීන්ගේ ගැටලුවලට අගමැතිගෙන් විසඳුම්

උපාධිධාරීන්ගේ ගැටලුවලට අගමැතිගෙන් විසඳුම්

පත්වීම් ලබාදීමේදී විවිධ ගැටලු නිසා පත්වීම් නොලැබුණු උපාධිධාරීන්ගේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන බවට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (29) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

විපක්ෂ නායකවරයා විසින් විවිධ අඩුපාඩු නිසා 461 දෙනෙකුට පත්වීම් ලැබී නොමැති බවට නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසුවේ මේ සම්බන්ධයෙන් දැනටමත් අමාත්‍යාංශ ලේකම්වරයා සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

විපක්ෂ නායකතුමා විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ තිබෙන දෙපාර්තමේන්තුවල, සුදුසුකම්ලාභී, තවමත් ස්ථීරත්වය ලබා නොමැති සංඛ්‍යාව පිළිබඳව සඳහන් කළා. දැනටමත් මේ ප්‍රශ්නය ගැන අමාත්‍යංශ ලේකම්තුමා සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. එයට විසඳුමක් ලබා දීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.