27.2 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගෝඨාභය ළඟදීම ලංකාවට එනවා - සාගර කාරියවසම්

ගෝඨාභය ළඟදීම ලංකාවට එනවා – සාගර කාරියවසම්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නොබෝ දිනකින් මෙරටට පැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පැවසීය.

මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ අද (29) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඉතාම මෑත කාලයකදී එතුමා ලංකාවට පැමිණෙනවා. හිටපු ජනාධිපතිවරයෙක් රටට එනකොට. එතුමා ලංකාවෙන් ගිය තත්ත්වය අපි හැමෝම දන්නවානේ. එතුමා සුන්දර පරිසරයක් යටතේ නෙමෙයි ලංකාවෙන් ගියේ. එතුමා නැවත එනවානම් එතුමාට නැවත ඒ ආරක්ෂාව සහ හිටපු ජනාධිපතිවරයෙක්ට සුදුසු පහසුකම් සපයන්න ඕනේ. මම හිතන්නේ අවශ්‍ය කටයුතු දැන් පිළියෙල කරලා තියෙන්නේ. ඉතාම නොදුරු දිනයකදී ලංකාවට එයි කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.