27.8 C
Colombo
Sunday, December 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජංගම දුරකතන මිල අහස උසට

ජංගම දුරකතන මිල අහස උසට

ජංගම දුරකථන සහ උපාංගවල මිල කොපමණ ප්‍රමාණයකින් ඉහළ යාවි දැයි කිව නොහැකි අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි සමස්ත ලංකා කොමිනියුකේෂන් හිමිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා පවසන්නේ ජංගම දුරකථන හා උපාංග ආනයන සීමා කිරීමෙන් පසු ඒවායේ මිල අධික ලෙස ඉහළ යාමේ තත්ත්වයක් ඇති වී තිබෙන බවයි.

එහි වාසිය මහා පරිමාණ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට පමණක් ලැබෙනු ඇති බවද ඔහු පැවසීය.

ඇති වන තත්ත්වය සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවද හෙතෙම කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.